ගෝඨා එළවන්න කෝච්චි වහලේ ආව ළමයි දැන් ආයෙමත් වහලේ එනවා..! – නාමල්…

September 14, 2023 at 5:58 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමීමට කෝච්චි වහලේ පැමිණි අයට දැන් නැවත එලෙස ගමන් යාමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සිස්ටම් චේන්ජ් එකක් නොව මේ රටේ රාජ්‍ය පරිපාලනයේ ව්‍යුහාත්මක වෙනසක් උවමනා වී ඇති බව මෙමගින් තහවුරු වන බවයි.

ඔළුගෙඩි මාරු කිරීමෙන් මෙය කළ නොහැකි බවත් එදා එය කී විට තමන්ට හිනාවුව ද නැවත තමන්ට කීමට සිදුව ඇත්තේ එය ම බව ද හෙතෙම කීය.

ගෝඨාභය රාජපක්ෂට නැවත දේශපාලනයට පැමිණීමට අයිතියක් ඇති බවත් එය තීරණය කළ යුත්තේ ඔහු බවත් නාමල් රාජපක්ෂ වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *