ගෝඨා එළවන්න අපි හට් 17ක් ගැහුවා…! අරගලයට නායකත්වය දුන්නේ අපි..! – එජාපය..

August 4, 2023 at 5:41 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළ රට ගමන් කළ දිශානතිය පිළිබඳ ජනතාවට විශාල ප්‍රශ්නයක් තිබූ බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි.

ඒ අවස්ථාවේ ජනතාව ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට ගාලු මුවදොර ගොඨාගෝගමේ එක හට් එකක් නොව හට් 17ක් ගසමින් අරගලයට නායකත්වය ලබා දුන් බවයි, ඔහු සඳහන් කළේ.

අද වන විට රටට එම අරගලයෙහි ප්‍රතිඵලය ලෙස ජනතාව බලාපොරොත්තු වූ ආර්ථික වෙනස ලැබී ඇතැයි ආශු මාරසිංහ ප්‍රකාශ කළේ සිරිකොත එජාප මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *