රට මුහුණ දී ඇති වර්තමාන අර්බුදය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිර්මාණය කළ එකක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසයි.
ජනාධිපතිවරයා බලයට පත්ව වැට් බද්ද 40%කින් අඩු කර, රාජ්‍ය ආදායම කෝටි හැට දහසකින් අඩු කළ බවට ද ඔහු චෝදනා කළේ ය.
වැට් බද්ද අඩු කළ පසු එනම් 2020ට පසු භාණ්ඩ මිල 40%කින් පහත වැටිය යුතු බවත් එවැනි මිල අඩු වීමක් සිදු නොවී බඩු මිල ඉහළ ගිය බවත් කබීර් හෂීම් පෙන්වා දුන්නේ ය.
ඒ අනුව වැට් බද්දෙන් අඩු කළ කෝටි හැට දහස හොරකම් කර ඇති බවත් එය කාගේ සාක්කුවට ගියේ දැයි තමා ප්‍රශ්න කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.
මෙලෙස බදු අඩු කිරීම නිසා ඩොලරයේ ද්‍රවශීලතාව අඩු වූ බවත් විදෙස් ආයතන රටට ණය දීම නතර කළ බවත් මේ සියල්ලට හේතුව ජනාධිපතිවරයාගේ පෙර කී තීන්දුව බවත් කබීර් හෂීම් අවධාරණය කළේ ය.