මිනිස්සුන්ට කන්න නැති රටේ ජීවත් වෙන්න විදිහක් නැති රටේ ජාතික ආරක්ෂාවක් කොහිදැයි ආචාර්ය හර්ෂ ද සිල්වා විමසයි.
ජාතික ආරක්ෂාව සඳහා ගෙන ආ ජනාධිපතිවරයා තමන්ට ද ආරක්ෂාවක් නොමැතිව රටින් රටට පැන යමින් අතැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ඩයස්පෝරාව යනු විදෙස්ගතව සිටින ලාංකිකයින් බවත් ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මෙන් ම ඔහුගේ පවුල ද ඩයස්පෝරාව බවයි, හර්ෂ ද සිල්වා සඳහන් කරයි.
ජාතික ආරක්ෂාව යැයි කියමින් නැවතත් ජාතිවාදය ඇවිස්සීමට සූදානම් නොවන ලෙස ද ඔහු අවධාරණය කළේය.
දෙමළ සංවිධාන 06කට ලංකාවේ පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.