තමන්ට ප්රශ්නය වන්නේ පක්ෂය නොව රට සහ ජනතාව බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි.
ශ්රීලනිපයේ රට පුරා විසිර සිටින සියලු සංවිධායකවරුන් මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තුවට පැමිණ ජනාධිපතිවරයාට සහය ලබා දෙන ඒකමතිකව ඉල්ලා සිටි බව ද හෙතෙම පැවසීය.
පාර්ලිමේන්තු බලය නොමැතිව ජනාධිපතිවරයකුට රට පාලනය කළ නොහැකි බව සඳහන් කළ මෛත්රීපාල සිරිසේන තමන්ගේ වගකීම එළඹෙන මැතිවරණයේ දී ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබා ගෙන ජනාධිපතිවරයා වෙනුවෙන් ආණ්ඩුවක් පිහිටු වීම ද බව ද පැවසීය.