ගෝඨාභයගේ වරාය සභාපතිත් සජබට…! සජිත්ගෙන් පක්ෂයේ ඉහළ ම තනතුරක්…!

January 29, 2024 at 4:05 pm | by emanisa.lk

හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගයට එකතු විය.

හිටපු හමුදාපතිවරයා අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සිය සහයෝගය සමගි ජන බලවේගයට පළ කළේය.

හිටපු ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ යටතේ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් සහ වරාය අධිකාරියේ සභාපති යන තනතුරු දයා රත්නායක දැරීය.

දයා රත්නායක සමගි ජන බලවේග රාජ්‍ය ප්‍රතිපත්ති ජ්‍යේෂ්ඨ උපදේශක ධූරයට පත් කිරීමට සජිත් ප්‍රේමදාස එහි දී කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *