ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැව්වේ බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ විසින් බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ රාජපක්ෂ පවුල අපේක්ෂා කළ ආකාරයට ගෝඨාභය පවුල පෝෂණය නොකිරීම ඊට හේතුව බවයි.
ගෝඨාභය රාජපක්ෂ දූෂණ වංචා හෝ පවුල පෝෂණය කළේ යැයි චෝදනා කළ නොහැකි බව ප්රකාශ කළ දිලිත් ජයවීර අවධාරණය කළේ ඔහු සැබවින්ම කළේ එහි අනික් පැත්ත බවයි.
කුමන්ත්රණය කොට ගෝඨාභය පළවා හැරි නාමල් රාජපක්ෂට අද දිට්ඨධම්මවේදනීය කර්මය පඬිසන් දී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
මව්බිම ජනතා පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලබා දීමේ උත්සව අවස්ථාව සමග එකතු වෙමින් දිලිත් ජයවීර මේ බව කීය.