ජනතා විමුක්ති පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමයේ පිටකොටුවේ ලිප්ටන් වට රවුමේ නැවති විරෝධතා කළ බව සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් පවසයි.
එලෙස සටන් කළ ජවිපෙ රනිල් වික්රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමත් සමගම පැලවත්ත පක්ෂ මූලස්ථානයට කොටු වී ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
එයට හේතුව රනිල් වික්රමසිංහ සමග එම පක්ෂයට ඇති ගනුදෙනුව නිසා දැයි තමන් නොදන්නා බවයි, මුජිබර් රහුමාන් ප්රකාශ කළේ.
සමගි ජන බලවේග ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.