ලබන කන්නයේදීත් පොහොර සහනාධාරය ලබාදිය හැකිවන්නේ මුදල් වශයෙන්ම බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
“දැන් අපි වගාකරන්න පොළඹවලා, පොළඹවලා වැඩේ යනකොට ඊළඟට මොකක්ද කරන්නෙ ? අස්වනු නෙළන කාලය වෙනකොට “දියව් දියව් අපෙ අස්වැන්නට සාධාරණ මිලක් දියව්” සටන් පාඨය එනවා.
ඒ සටන් පාඨයට ඉඩදෙන්න බෑ. දැන් ලබන කන්නයටත් පොහොර සඳහා සල්ලිම තමයි දෙන්න වෙන්නෙ. IMF එකේ තියෙන කොන්දේසි අනං මනං ඒවාත් එක්ක ඒ තීන්දුවටම තමයි යන්න සිද්ධ වෙලා තිබෙන්නෙ. ඉතින් ඒ නිසා දැන් තියාම බුදු අප්පච්චියේ මේකට සූදානම් වෙන්න.”
නාමල් කරුණාරත්න මේ බව පැවසුවේ 2025 යල කන්නයේ කෘෂිකර්ම වැඩපිළිවෙළ දියත් කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ය.