ගොවිතැනට වතුර දෙන්න කැබිනට් අනුමැතිය…!

August 7, 2023 at 6:00 pm | by emanisa.lk

කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

කැබිනට් මණ්ඩලය වැඩිදුරටත් තීරණය කර ඇත්තේ ජාතික විදුලි බල අවශ්‍යතාව සඳහා විකල්ප ක්‍රමවේද සෙවීමටය.

ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය උඩවලව ජලාශයට නිකුත් කිරීමට මේ වන විටත් අදාළ බලධාරීන්ට දැනුම් දී ඇතැයි විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *