අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව වාර්තා වූ හිටපු අමාත්‍ය ධම්මික පෙරේරා ඊයේ රාත්‍රී කොළඹ, හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දක්නට ලැබිණි.
ඒ, අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආශීර්වාද ලබා ගැනීමට එම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේය.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරය දැරූ ධම්මික පෙරේරා එවක අගමැති රනිල් වික්‍රමසිංහ වහාම මුදල් ඇමැති ධූරයෙන් ඉවත් විය යුතු බව සඳහන් කළේය.
ආර්ථිකය ගොඩනැඟීමට හෝ ආයෝජන ප්‍රවර්ධනයට ඔහුට සැලසුමක් නොමැති බවට ද ඩොලර් ගෙන එන ව්‍යාපෘතිවලට බාධා කරන බවට ද බරපතළ චෝදනාවක් කළෙ