ගෙදර තිබ්බ වයිට් බෝඩ් එකත් අමාත්‍යංශයට පරිත්‍යාග කළා…! – නි. ඇමති චතුරංග අබේසිංහ…

May 13, 2026 at 12:51 pm | by emanisa.lk

ජීවිත කාලයක් බොහෝ මිනිස්සු හීන දකිනවා, බහුතරයක් පුද්ගලික හීන..

ඒත් සීමිත පිරිසක් පොදු යහපත වෙනුවෙන් හීන දකිනවා..

ලංකාවෙ සුළු හා මධ්‍ය පරමාණ ව්‍යාපාරය ආරම්භ කරන්න, පවත්වාගෙන යන්න වර්ධනය කරන්න කොච්චර අමාරුද කියල දන්නෙ ව්‍යාපාරයට අත ගහපු කෙනෙක්ම විතරයි, ලංකාවට කියල ජාත්‍යන්තර සන්නාමයක් බිහිවෙන්නෙ දශකයට කීපයයි.. ඒකත් මහා අහඹු ක්‍රියාවලියක්

කර්මාන්ත අමාත්‍යාංශයට ආපු සතියෙ නිල කාමරේ White Boad එකක් තිබ්බේ නෑ.. ගෙදරින් ගෙනාපු බෝඩ් එකක ඔන්න ඔය පහල ආකෘතිය ඇන්දා.. යසස් මේක ලස්සනට තේරුම් ගත්ත.. ඇමතිතුමා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් ඒක විශ්වාස කලා.. පහුවුන මාස 16න් වැඩි හරියක්ම ගියේ ඒ සිහිනය සැබෑ කරගන්න

ඉතින් ඒ උපායමාර්ගික සැලැස්ම හෙට ජනගතවෙනවා. ලංකාවෙ ව්‍යවසායකත්වට සහය දෙන්න අනේක විද ආයතන, වැඩසටහන්, ක්‍රියාමාර්ග හුදකලාවෙ ක්‍රියාත්මක වෙනවා. තම තමන්ගේ වපසරියේ සීමිත සේවාවන් සපයනවා

ඒ සියලු වැඩ සටහන්, ආයතන එක ජාතික සංවිදිත වැඩපිලිවෙළක් යටතට ගන්න ආරම්භය හෙට.. ඔව් 2026 මැයි 13 ☺️

ආයතනික ව්‍යුහයන් වෙනස්කරන, රාජ්‍ය සේවය හා පුද්ගලික අංශය එක්ව වැඩකරන සංස්කෘතිය ඇති කරන්න දෛනිකව දරන වෙහෙස එලියට පේන්නේ නෑ.. ඒත් හෙට ඒ මහන්සියෙ ප්‍රතිඵලය වේවී.

චතුරංග අබේසිංහ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය
FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *