ගුවන්යානා තුනකින් උගන්ඩාවට රැගෙන ගිය දෑ හෙළිවෙයි…!

April 15, 2022 at 1:56 pm | by emanisa.lk

පසුගිය වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය අඩංගු ගුවන් යානා සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම කරුණු පැහැදිලි කර තිබේ.

ඔවුන් පවසන්නේ 2021 වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ සිට උගන්ඩාවට මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ගුවන් මගින් ප්‍රවාහන කළ බවයි.

මෙලෙස රැගෙන ගොස් ඇත්තේ උගන්ඩා රජයෙන් මෙරට සමාගමකට ලැබුණු උගන්ඩා මුදල් නෝට්ටු මුද්‍රණ ඇනවුමකට අයත් මුදල් තොගයකි.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ එන්ටැබේ වෙත සිදු කළ ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම වාණිජමය ක්‍රියාවලියක් බවත් ඒ හරහා ශ්‍රී ලංකාවට හා සමාගමට විදේශ ආදායමක් ලැබුණු බවත් ශ්‍රීලංකන් සමාගම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *