සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ඉකුත් 2022 වසර තුළ අතිවිශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව වාර්ෂික වාර්තා තහවුරු කරයි.
මෙම සමාගම මගින් ශ්‍රී ලංකාව තුළ පිහිටි කටුනායක, මත්තල, රත්මලාන, යාපනය සහ මඩකළපුව යන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 5ක මෙහෙයුම් කළමනාකරණ කටයුතු කරමින් සිටියි.
ඒ අනුව, මෙම සමාගමේ වාර්ෂික මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 13 කි. එය පසුගිය වසරට සාපේක්ෂව 436%ක වර්ධනයකි.
මෙම වසරක කාල සීමාව තුළ ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ මුළු වාර්ෂික ආදායම (පිරිවැටුම) රුපියල් මිලියන 27,647කි. එයින් බදු ගෙවූ පසු සමාගම සතු ලාභය රුපියල් මිලියන 4,803 කි. එසේම මෙයින් රුපියල් මිලියන 1,983ක මුදලක් රජයට පරිත්‍යාග කර තිබේ.