උසස් පෙළ විභාග උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 14000ක් මේ වන විටත් අයඳුම්කර ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වුව ද ඒ සඳහා ගුරුවරුන් 19 000ක් අවශ්‍ය වෙයි.
කෙසේ වුව ද ගුරු වෘත්තීය සමිති විභාග ඇගයීම් දීමනාව ප්‍රමාණවත් නොවන බව පවසමින් පිළිතුරු පත් ඇගයීම් කටයුතු වර්ජනය කර තිබේ. එම මුදල රු. 2000 දක්වා ඉහළ නැංවුව ද එම සංගම් සිය මතය වෙනස් කර නොමැත.
මේ අතර දැනට ඉල්ලුම් කර ඇති ගුරුවරුන් සමග වැඩි දින ගණනක් යොදා ගෙන පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මෙම මස 27 වෙනිදා ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.