මැරුණත් මහින්ද රාජපක්ෂ හැර නොයන බව පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න පවසයි.
රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලන කාර්යාලය ගිනි බත් කළ ද ඔහු නතර කළ නොහැකි බවයි, ඔහු අවධාරණය කළේ.
ගින්නෙන් උපන් ෆීනික්ස් කුරුල්ලෙකු සේ රෝහිත අබේගුණවර්ධන හැමදාම කළුතරට නායකත්වය ලබා දෙන බව ද සංජීව එදිරිමාන්න ප්රකාශ කළේය.
ඊයේ (08) කළුතර පැවැති ජන හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.