පසුගිය ජුලි මස ගෑස් සිලින්ඩර්වල සංයුතියේ වෙනසක් සිදු කර සාම්පල් කිහිපයක් වෙළෙඳපොළට නිකත් කළ බව ලිට්රෝ සමාගම පවසයි.
එමගින් ගෑස් සංයුතියෙහි සැලකිය යුතු වෙනසක් සිදු වූ බව ද ඒම සමාගමේ කර්මාන්තශාලා කළමනාකරු අයි. විජේරත්න පෙන්වා දෙයි.
එම අත්හදා බැලීම අසාර්ථක වූ නිසා අදාළ සිලින්ඩර් වෙළෙඳපොළෙන් ඉවත් කර ගත් බව ද හෙතෙම අනාවරණය කරයි.
දැනට වෙළෙඳපොළේ පවතින සිලින්ඩර්වල පෙර පැවැති නියමිත ප්රමිතිය අනුව නිකුත් කළ බව ද හෙතෙම අනාවරණය කරයි.