ග්ලයිෆොසෙට් ඇතුළු කෘෂි රසායන තහනම ඉවත් කිරීම නිවැරදියි…! පළිබෝධනාශක රෙජිස්ත්‍රාර්ට ඉවත් කිරීම හෙළා දකිනවා…! – කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමය….

November 24, 2021 at 7:30 am | by emanisa.lk

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක 05ක තහනම ඉවත් කළ පළිබෝධනාශක රෙජිස්ත්‍රාර්වරයා ධූරයෙන් පහ කරන බවට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශය හෙළා දකින බව ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ මෙය ඇමැතිවරයා කරුණු නොදැන සිදුකළ ප්‍රකාශයක් බවයි.

2018 10 02 අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ග්ලයිෆොසෙට් තේ පොල් රබර් සඳහා පමණක් භාවිතයට අවසර දී ඇති බවත් එවැනි පසුබිමක 2014 ගැසට් නිවේදනය පැවතීම ගැටලුකාරී නිසා එය අවලංගු කිරීම නිවැරදි බවත් එම නිවේදනයෙහි දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *