ගල් බෝතලේ රු. 3200යි…! බදු රු. 2906යි..!

July 9, 2023 at 8:32 am | by emanisa.lk

අතිවිශේෂ හෙවත් ගල් අරක්කු බෝතලයක නිෂ්පාදන වියදම රු. 294ක්ව පවතිද්දී නැවතත් මිලිලීටර් 750 ක බෝතලයක මිල පසුගියදා රු. 320කින් ඉහළ නැංවීය.

ඒ අනුව දැනට අතිවිශේෂ අරක්කු බෝතලයක් අලෙවි කෙරෙන්නේ රු. 3200කටය. මෙම රු. 3200ක මුදලෙන් එහි අඩංගු මත්පැන්වල වටිනාකම වන රු. 294ක් අඩු කළ විට ඉතිරිවන රු. 2906ක් මුදල අදාළ සමාගම් ගෙවන බදු සහ ලාභයයි.

දුප්පතාගේ පානය ලෙස හැඳින්වෙන මත්පැන් වර්ගයකින් මෙතරම් විශාල බද්දක් අයකරන අතර ඒ සමඟ මත්පැන් අලෙවිය ද 40% කින් පමණ අඩු වී ඇතැයි වාර්තා වෙයි.

පසුගියදා අතිවිශේෂ මත්පැන් බෝතලයක මිල රු. 320කින් වැඩි කළ ද එයින් රු. 280ක්ම රජයේ බදු බව අතිරේක සුරා බදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *