ගල් අඟුරු වංචාවක් කළේ නෑ කියලා ලෙයින් සහතික වෙනවා…! – ටිල්වින් සිල්වා…

May 2, 2026 at 4:14 pm | by emanisa.lk

ගල් අඟුරු ගෙන්වන විට ප්‍රමිතියෙන් බාල වීම කවදත් සිදුවන වැඩක් බවත් එහිදී සිය සහෝදරයන් වංචාවක් නොකළ බවට ලෙයින් සහතික වන බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඊට අදාළ වාර්තාව මාස තුනික් එන බවත් එහිදී තමන් නිදහස් වී තමන්ට චෝදනා කළ අයට නඩු වැටෙන බවත් ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කරයි.

පෝය දින හොරකම් ඇතුළු සියල්ල කළ පිරිස පෝය දිනයේ මැයි දිනය පැවැත්වීමට හොඳ නැතැයි ප්‍රකාශ කරන බවත් වැඩියෙන් කෑ ගසන එවුන්ට වැඩියෙන් නඩු වැටෙන බවත් නිලධාරීන් අතින් අතපසුවීමකින් ඇති වූ විදෙස් මුදල් පිළිබඳ ප්‍රශ්නයද සතියකින් අවසන් වන බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

ඊයේ (01) කළුතරදී මැයි දින රැලියට එකතු වෙමින් ටිල්වින් සිල්වා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *