ගල් අඟුරු බාල වුණත් වංචාවක් නෑ… අපි ප්‍රශ්නේ ඔළුවෙන්ම අල්ලා ගත්තා… යහපාලන ගල් අඟුරු වංචා ගැනත් අපි හොයනවා…! – පොළොන්නරුවේ රාජ්‍ය නායකයා….

April 16, 2026 at 10:23 am | by emanisa.lk

වර්තමානයේ ගල් අඟුරු සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මිස කිසිදු ආකාරයක ගල් අඟුරු වංචාවක් හෝ හොරකමක් හෝ නොවන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය සැම විටම ඕනෑම ප්‍රශ්නයක වලිගයෙන් අල්ලා ගැනීමට උත්සාහ කරන බවයි.

එවැනි අමනෝඥ ක්‍රියාමාර්ග හේතුවෙන් විපක්ෂයට සැබෑ ප්‍රශ්නය සැම විටම මඟහැරෙන බව හෙතෙම පෙන්වා දෙයි.

විපක්ෂය ප්‍රශ්නවල වලිගයෙන් අල්ලාගෙන කෑගැසූ පලියට රජය නොසැලෙන බවත්, රජය මෙවර ප්‍රශ්නයේ ‘ඔලුවෙන් අල්ලා’ එය විධිමත්ව විසඳා දීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ගල් අඟුරු හොරකමක් ගැන කතා කරන විපක්ෂය, අජිත් පී. පෙරේරාගේ කාලයේ ගල් අඟුරු සම්බන්ධයෙන් සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳවත් සොයා බැලිය යුතු බව හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *