වර්තමාන පාර්ලිමේන්තුවේ කථානායක වන අශෝක රංවල ගේ මූලික උපාධිය පිළිබඳවත්, ඔහුගේ ආචාර්ය උපාධිය පිළිබඳවත් දේශපාලන ලෝකය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ. සමකාලීන ලංකාව තුළ අධිනිශ්චය වී ඇති “උගතුන්” පිළිබඳව වන දෘෂ්ටිවාදයට අශෝක රංවල විසින්ම බැරෑරුම් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මේ සිදුවීම බොහෝ අය දකින්නේ සමකාලීන ලංකාවේ “උගතුන්” ට කරන ලද අවමානයක් ලෙසිනි.
මේ පිළිබඳව කලබල වී ඇති බොහෝ උගතුන් යැයි කියාගන්නා පුද්ගලයන්ද ඇතුළුව බොහෝ අය කල්පනා කරන්නේ අචාර්ය උපාධියක් යනු සමාජය මත “සිවිල්” වීමටත්, පොරක් වීමටත්, ඒ මත සිය ආධිපත්‍ය පැටවීමටත් ඇති “බලයක්” ලෙසය. නමුත් ආචාර්ය උපාධියක් යනු සිය හදාරන විෂයෙහි එක් ගැටලුවක් පමණක් තෝරාගෙන එය නව අර්ථයකට රැගෙන යාමක් පමණි. ඒ සඳහා අදාල විෂය පිළිබඳව ප්‍රමාණවත් කියවීමක්, හැදෑරීමක් තිබීම අනිවාර්යය. ලංකාව තුළදී නම් ආචාර්ය දර්ශන අශෝක කුමාර මෙන් යහළුවෙකු සිය මහාචාර්යවරයා ලෙස තෝරාගෙනද ආචාර්ය උපාධි ලබාගත හැකිය. එසේ නොවේ නම් සුමිත් චාමින්ද සේ ප්‍රදීප් පීරිස් වැන්නෙකු තෝරාගෙන කිසිදා නිමා නොවෙන ආචාර්ය උපාධියකට ද පිවිසිය හැකිය.
ලංකාවේ ආචාර්ය උපාධි පිළිබඳව ජනප්‍රිය උදාහරණ ඕනෑ තරම් තිබේ. මහාචාර්ය අර්ජුන පරාක්රමගේ ආචාර්ය උපාධිය භාෂාව පිළිබඳව පශ්චාත් ව්‍යුහවාදී විශ්ලේෂණයක් වන විට ඔහු නොකරන්නේද එයයි. ලියනගේ අමරකීර්තිගේ ආචාර්ය උපාධිය භාෂාව පිළිබඳව වන විට ඔහු කර ඇත්තේ ජනශ්රැතිය සම්බන්ධ අදහසක් ඉදිරිපත් කිරීම පමණි. මේ සිදුවීමේදී හොටු පෙරාගෙන අඬන මහාචාර්ය නිර්මාල් රංජිත්ගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ ලන්දේසි යුගයේ ඉඩම් අයිතිය පිළිබඳව කතාකිරීමේදී එහි “හෙජමොනිය” පිළිබඳව අලුත් අර්ථයකට රැගෙන යාමට අමතක වී ඇත.
ඊටත් අමතරව කැලණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රභා මනුරත්නගේද, රුහුණු විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ආචාර්ය දර්ශන ලියනගේ ගේද ආචාර්ය නිබන්ධනය (තිසීස් එක) අන්තර්ජාලයේ නැත. ඔවුන්ගේ පමණක් නොව ලංකාවේ බොහෝ ආචාර්යවරුන්ගේ තිසීස් එක අන්තර්ජාලය තුළ නැත. ලාංකිකයන් වශයෙන් එය අපි ආඩම්බර විය යුතු කරුණකි.
ලංකාවෙන් විදේශ ගතවී ලබාගන්නා බොහෝ ආචාර්ය උපාධි යනු VISA උපාධිය. ඒවා විදේශ රටක වසර 3ක් 4ක් සුවසේ ඉදීමට දෙවියන් විසින් දෙන වරම් ය. මේ බොහෝ විදේශීය විශ්වවිද්‍යාල ලාංකිකයන්ට ආචාර්ය උපාධි දෙන්නේ “අනුකම්පාව” නිසාය. මේ දුක කියා හඬාවැටී ගන්නා ආචාර්ය පට්ටම් භාවිතා කර ලංකාව තුළ සාමාන්‍ය ජනතාව අතර පොරක් වෙන බව මේ විදේශීය විශ්ව විද්‍යාල වල මහාචාර්යවරුන් දන්නේ නැති බවට සැක නැත. මේවා උත්කර්ෂයට නංවා සාමාන්‍ය ජනතාව පාලනය කිරීමේ මතවාදය නිර්මාණය කල ජා.ජ.බලවේගයට, එයම පාරාවලල්ලක් වීම පිළිබඳව අපිට කරන්නට දෙයක්ද නැත.
අශෝක රංවල විසින් දරා ඇති උත්සාහය අහිංසකය. එය පොඩි එකෙකුගේ ක්‍රියාවක් වන්නේ ඒ මත සිටිමින් ඔහු විසින් සමාජය වෙත ආධිපත්‍ය බලයක් අතීතයේදී යොදා නොමැති නිසාය. නමුත් තමන් ආචාර්ය, මහාචාර්ය බව කියාගන්නා බොහෝ අය අමු තක්කඩියන් ය. ඔවුහු සිය ආධිපත්‍ය බලය නිර්ලජ්ජිතව සමාජය මත මුදාහැර එය හීලෑකරගන්නා මහත්වරු හා නෝනලාය. ජාතික ජන බලවේගය ඇතුලු සියලුම දේශපාලන පක්ෂ මේ පට්ටම් ඉදිරියේ දනින් වැටී යාඥා කරද්දී අපි එසේ වන්නේ නැත. අපි මහ පාරෙන් ඉගෙනගත් සාමාන්‍ය මිනිසුන් ය. අපේ අවිය දැනුම නොවේ, න්‍යායයි. සාමාන්‍ය මිනිසුන් හා ගැහැනුන් වෙත බලය විතැන් කිරීම යනු මේ ආචාර්ය, මහාචර්ය, ඉංජිනේරු, දොස්තර පට්ටම්වල ඇති අධිපතිවාදී වාර්ගික දෘෂ්ටිවාදයට පහර දීමයි. එහිදී සාමාන්‍ය මිනිසුන් හා ගැහැනුන්ගේ පැත්තේ හිටගන්නේ අපි පමණකි.
සමබිම පක්ෂය