ගම්මන්පිලගේ සාහසික ජාතිවාදයට එරෙහිව වකමුල්ලේ උදිත හිමි CIDයට….!

June 14, 2025 at 6:01 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ජනාධිපතිවරයාගේ ජර්මානු සංචාරය පිළිබඳ ඉතාම සාහසික ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරන බවට ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමි චෝදනා කරයි.

“ගම්මන්පිල මහතාගේ ප්‍රකාශ දැක්කාම හිතෙන්නේ, ජනාධිපතිතුමා රාජ්‍ය තාන්ත්‍රික නොවන හොර ගමනක් ගියා කියලා. ඒක ඔහු තවත් පෝෂණය කරමින් කියනවා ත්‍රස්තවාදී නායකයෙක් මුණ ගැහෙන්න තමයි මේ ගිහින් තියෙන්නේ කියලා. ඔහු ඔහුගේ බේරීමට ප්‍රකාශ කරනවා මේක මාධ්‍යවල ගියපු එකක් කියලා. ගම්මන්පිල මහත්මයා තව තවත් ජාතිවාදය අවුස්සන මේ වගේ ප්‍රකාශයන් කිරීම ඉතාම සාහසික බරපතළ තත්වයක්.”යැයි වකමුල්ලේ උදිත හිමියන් කියා සිටියා.

එහිමියන් පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ඊයේ (14) පැමිණිලි කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *