නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ නීතීඥයා බවට උදය ගම්මන්පිල පත්ව ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
උදය ගම්මන්පිල අධිකරණයක නඩු කතා කරනු රටේ ජනතාව දැක නොමැති බව ද ඔහු සඳහන් කරයි.
පිල්ලෙයාන් සිය නඩුව සඳහා ගම්මන්පිල තෝරා ගැනීමෙන් මෙය හුදෙක් ඝාතනයක් නොව කුමන්ත්‍රණයක් බව තහවුරු වන්නේ යැයි ඇමති නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.
ඔහු මේ බව පැවසුවේ මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේ පැවති රාජ්‍ය හිසතෙල් ගෑමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.