ගංජා සමග හෙලිකොප්ටර් අපේක්ෂකයා අත්අඩංගුවට…!

February 7, 2023 at 12:52 pm | by emanisa.lk

ගංජා මිලිග්‍රෑම් 2400ක් සමග 26 හැවිරිදි පුද්ගලයෙකු මීගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් සැකකටයුතු ලෙස හැසිරුණු අදාළ පුද්ගලයා පරික්ෂා කිරීමේ දී මෙම ගංජා තොගය හමු වී ඇති අතර අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

පාදුක්ක වටරැක පදිංචි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුළු සේවකයෙකු ද වන එම පුද්ගලයා මෙවර නිදහස ජනතා සන්ධානය යටතේ පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයෙකු ද වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *