අනුරාධපුර පූජා භූමියේ ගංජා අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ලක්ෂ අටකට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයකු මෙලෙස රුවන්වැලි සෑය ඉදිරිපිට ඇති රථගාලේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ෙ
ඔහු සතුව කේරළ ගංජා කිලෝ 04, ග්රෑම් 250 ක් තිබී ඇති අතර අදාළ සැකකරු ආනවාසල, කල්පිටිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක පුද්ගලයෙකි.
එම සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.