ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම් සේවකයින්ට 2021 වසරේ දී සිය මූලික වැටුප මෙන් 300 ගුණයක් දක්වා අතිකාල දීමනා ගෙවා ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වෙයි.
එම සමාගමේ සේවකයන් 2638න් 1335ක්ම 2021 වසරේ සිට මූලික වැටුපෙන් සියයට 75කට වැඩි අතිකාල දීමනා ලබාගෙන තිබේ. ඒ අතුරින් 19 දෙනකු මූලික වැටුපෙන් සියයට 300ක් ඉක්මවා අතිකාල දීමනා ලබාගෙන ඇත.
ඒ සමඟ අනාවරණය වන්නේ සේවකයන් 210ක් මූලික වැටුපෙන් සියයට 200ක් ද 988 දෙනකු මූලික වැටුපෙන් සියයට 100ක්ද ඉක්මවමින් අතිකාල දීමනා ලබාගෙන ඇති බවය.
මෙසේ අධික ලෙස අතිකාල දීමනා ලබාදීමේ අරමුණු එම සේවක පිරිස ලබාගෙන ඇති ණය අපසු ගෙවීම පහසු කිරීම බවද අදාළ විගණක වාර්තාවේ සඳහන් වී ඇතැයි ද ප්‍රකාශිතය.