ඛනිජ තෙල් සංස්ථාව විකිණීමට එරෙහිව උපවාසයක්…!

March 28, 2023 at 11:26 am | by emanisa.lk

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු කොටස් විකිණීමට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව උපවාසයක් ඊයේ (27) ආරම්භ කොට තිබේ.

කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය පිවිසුම ආසන්නයේ අට්ටාලයකට නැගී එම උපවාසය ආරම්භ කර ඇත.

ලාභ ලබන තත්ත්වයක පවතින තෙල් සංස්ථාව කොටස්වලට විකිණීමට එරෙහිව රජයට බල කරමින් මෙම උපවාසය ආරම්භ කළ බවත් මීට සාධනීය පිළිතුරක් නොලැබුණහොත් මෙම උපවාසය අඛණ්ඩ සත්‍යග්‍රහයක් දක්වා තීව් කරන බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් සියලු තෙල් සේවකයන් එක්කර ගන්නා බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *