ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙහි තෙල් ආනයන වියදම 2023 වසරේ පළමු මාස අටේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8 ක් දක්වා පහත වැටී ඇති බැව් මුදල් අමාත්‍යාංශය පවසයි.
2022 වර්ෂයේ මෙම කාලසීමාවේ දී ගෝලීය වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලර් 105 ක්ව පැවැති බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 86 දක්වා පහත වැටීම තෙල් ආනයන වියදම අඩුවීමට හේතුවී ඇති බව ද මහ බැංකුව නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.
කෙසේ වුවද 2023 වසරේ අගෝස්තු මාසය අවසානය වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්දියානු ණය පහසුකම් යටතේ තෙල් ආනයනය කිරීම වෙනුවෙන් රජයට රුපියල් බිලියන 228.8 ක මුදලක් ගෙවීමට ඇත.
එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉකුත් වර්ෂයේ අගෝස්තු මස අවසන් වන විට ජාතික ඉරාන තෙල් සමාගමට රුපියල් බිලියන 82.1 මුදලක් ගෙවීමට තිබූ බව ද මෙකී වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.