හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී රත්රන් කිලෝ පනස් පහක පමණ ප්‍රමාණයක් ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.
මෙම රන් තොගයේ වටිනාකම රුපියල් බිලියන 1.75කට අධික බව අනාවරණය වී තිබේ. මෙය තමන් දීර්ඝ කාලයක් තිස්සේ එකතු කර ගත් රන් සංචිතයක් බව එම ව්‍යාපාරිකයා ප්‍රකාශ කර තිබෙන නමුත් එවන් සංචිතයක් එකතු කර ගත් ආකාරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීමට ඔහු අසමත් වී තිබේ.
මෙම තත්ත්වය මත එම රන් සංචිතය රාජසන්තක කිරීමේ සූදානමක් පවතින බව ද දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා බලධාරීන්ගෙන් විමසීමට අප ගත් උත්සාහය අසාර්ථක විය. රේගු මාධ්‍ය අංශය ද අදාළ සිදුවීම ගැන නිහඬ පිළවෙතක් අනුගමනය කරයි.