කොළඹ වරායේ ගැටළුව සමග ඉන්දියාව ලංකාවේ ණය ප්‍රශ්නය උඩට අදී…!

July 2, 2020 at 7:33 am | by emanisa.lk

ශ‍්‍රී ලංකාවට ලබාදී ඇති ණය සම්බන්ධයෙන් ඉන්දියාව මේ දිනවල දැඩි අවධානයක් යොමුකරමින් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ද හින්දු පුවත්පත පවසන්නේ මේ වසරේ ශ‍්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණය ආපසු ගෙවීමට ඇති බවයි.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඔක්තෝබර් මාසයේදී ඩොලර් බිලියන 1 ක් ගෙවීමට ශී‍්‍ර ලංකාවට සිදුව ඇති බවද එම වාර්තාවෙහි සඳහන්ය.

මෙවන් පසුබිමක අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ණය ආපසු ගෙවීම සදහා ඉන්දියාවෙන් සහන කාල සීමාවක් ඉල්ලා තිබිණි.

ඉන්දීය ඉහළ ප‍්‍රධානීන් ඉකුත් දින  කිහිපයේ සාකච්ඡා කර ඇත්තේ ඒ පිළිබඳවයි. කෙසේ වෙතත් ණය ගෙවීමේ සහන කාලසීමාව හා ඉන් පසුව ශ‍්‍රී ලංකාව ඉල්ලා ඇති ක්ෂණික ණය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද වාර්තා වෙයි.

ශී‍්‍ර  ලංකාව ගෙවීමට ඇති ණය සම්බන්ධයෙන් ඉන්දියාව අවධානය යොමුකර ඇත්තේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබාදීමේ උත්සාහයක් සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් මතුව ඇති පසුබිමක වීමද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *