කොළඹ වරායට ආ නැව් 24ක් නෙමෙයි 30ක් හැරිලා ගියා.. හේතුව පහුගිය ආණ්ඩු…! – අමාත්‍ය බිමල් රත්නායක…

January 13, 2025 at 5:47 pm | by emanisa.lk

කොළඹ වරායට පැමිණි නැව් 30කට අධික ප්‍රමාණයක් ආපසු හරවා යැවීමට සිදුවූයේ වරාය පුළුල් කිරීමට පැවති ආණ්ඩු නිසි කලට කටයුතු නොකිරීම යැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

වරායේ නිශ්කාශන කටයුතු පමා වීම නිසා නැව් 24ක ප්‍රමාණයක් ආපසු හැරී ගොස් ඇති බවට නැව් සමාගමක් සිදුකළ චෝදනාවට මාධ්‍යට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීය.

“කොළඹ වරාය දියුණු කරලා අවශ්‍ය කාලේ දී අවශ්‍ය පියවර අරන් නෑ. ඒ නිසා හදිසි ප්‍රශ්නවල දී හදිසි උත්තර තෝරන්න පුළුවන් වුණාට සමහර ප්‍රශ්නවලට හදිසි උත්තර තෝරන්න බෑ. ඒ නිසා පසුගිය සති දෙක ඇතුළත නැව් 24ක් නෙමෙයි නැව් 30ක් හැරිලා ගිහින් තියෙනවා.

නමුත් කොළඹ වරායට ඒ නැව් සදහටම අහිමි වෙන්නේ නෑ. අපි අද කරන්න හදන දේවල් මීට අවුරුදු 4-5කට කලින් කරලා තිබ්බා නම් මෙහෙම ප්‍රශ්නයක් නෑ.”

කොළඹ වරායේ භාණ්ඩ නිශ්කාශන කටයුතු අඩාල වීමෙන් මතුව ඇති ගැටලු පිළිබඳ සොයා එහි නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අමාත්‍ය බිමල් රත්නායක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *