කොළඹ-මාතර පැය දෙකේ ගමන නවතී..! නිලධාරියෙකු හරහට..මගීන් අමාරුවේ…!

January 16, 2024 at 9:23 am | by emanisa.lk

කොළඹ – මාතර දක්වා පැය දෙකකින් ළගාවිය හැකි පරිදි ආරම්භ කළ අධිසුඛෝපභෝගී අධිවේගී පුද්ගලික බස් රථ සේවය අත්හිටුවා ඇතැයි ජනතාව චෝදනා කරති.

ප්‍රවාහන ඇමතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් ආරම්භ කළ මෙම සේවය අති සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අතරතුර කිසියම් පාර්ශවයක උවමනාවක් අනුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ඉහළ නිලධාරියෙකුගේ අනුදැනුම මත එම සේවය නවතා දමා තිබේ.

කොළඹ සිට මාතර දක්වා අධිවේගී බස් ධාවනය කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පලෙන් ගමන් අරඹා බොරැල්ල බත්තරමුල්ල, පන්නිපිටිය, කොට්ටාව ඔස්සේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයටත් ඒ ඔස්සේ මාතර දක්වාත් ධාවනය වූයේ පැය තුනහමාරකින් බවත් මගීහු පවසති.

බස් රථ තුනක් නියමු ව්‍යාපෘතියක් ලෙස ධාවනය ආරම්භ කළ මෙම බස්රථ සේවයෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල්වල කාර්ය මණ්ඩල මෙන්ම බොහෝ කාර්යාල සේවක පිරිස් ප්‍රවාහන පහසුකම් ගත්හ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *