කොළඹ බලය අල්ලන සටන රනිල් අතට ගනී…!

May 14, 2025 at 9:32 am | by emanisa.lk

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලීමේ සටනට මැදිහත්ව සිටින බව වාර්තා වේ.

ඔහු සිය ඉන්දියා සංචාරය නිමවා පෙරේදා (11) යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව මෙම කටයුතු ආරම්භ කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා සමගි ජන බලවේගයේ ප්‍රධානීන් කිහිප දෙනෙකුම සමග මේ වන විටත් සාකච්ඡා පවත්වා ඇති අතර ස්වාධීන කණ්ඩායම් සහ සුළු පක්ෂ සමග ද සාකච්ඡා පවත්වමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කිසිදු පක්ෂයකට බහුතරයක් හිමි නොවුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *