කොළඹ නගරාධිපති පත් කරන්නේ අපි… කයිය නවතා පනත කියවනු…! – මුජිබර් රහුමාන්….

May 13, 2025 at 2:57 pm | by emanisa.lk

කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.

එහෙයින් ආණ්ඩුව බහුතරය හදා ගැනීමට උත්සාහ ගැනීමට පෙර පළාත් පාලන ආයතන පිහිටුවීමේ දී ක්‍රියාත්මක වන නීතිය හොඳින් කියවිය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

ආණ්ඩුවට බහුතර බලය ඇති සභා පිහිටුවීමට විපක්ෂය ලෙස කිසිදු බාධාවක් නොකරන අතර අනෙක් සභාවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන්ගේ සහාය සමගි ජනබලවේගයට ලබා දීමට ඔවුන් එකඟ වී ඇති බවත් මීට ඔහු ප්‍රකාශ කරයි.

කොළඹ මහ නගර සභාවේ ආණ්ඩුවට ඇත්තේ මන්ත්‍රී ධූර 48 ක් බවත් සමගි ජන බලවේගයේ සන්ධානගත මන්ත්‍රීවරු සමග සභිකයින් 46 ක් දැනටමත් සිටින බවත් මුජිබර් රහුමාන් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *