නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩමක් රු. කෝටි 310ක් වටිනා ඉඩමක් රු. කෝටි 81කට විකුණා දැමීමෙන් නිවාස සංවර්ධන අධිකාරියට රු. කෝටි 229ක පාඩුවක් සිදුකර ඇතැයි වාර්තා වෙයි.
කොළඹ ඩාර්ලි පාරේ තිබූ අක්කර 1 යි පර්චස් 26.5 ක ඉඩමක් මෙලෙස විකුණා දමා තිබේ. එලෙස රු. කෝටි 81කට විකුණා දැමූ ඉඩම අදාළ සමාගම විසින් ඊට දින 05කට පසු රු. කෝටි 65කට වාණිජ බැංකුවට උකස් කර ඇත.
මෙම ඉඩම යළි පවරා ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධව කටයුතු කළ නිලධාරින්ට විරුද්ධව විනයානුකූලව පියවර ගැනීමද ළඟදීම සිදුවනු ඇත.
2016 වසරේ දී මෙම ඉඩම විකුණා දමා ඇත්තේ 2006 වසරේ එනම් ඊට වසර 11කට පෙර තක්සේරු වටිනාකමට ය.