කොළඹ කුලපති හිමිට විරෝධය පෑවේ අන්තරේ කැඳවුම්කරුගේ පෙම්වතිය….!

December 20, 2021 at 9:09 am | by emanisa.lk

පසුගියදා පැවැති කොළඹ විශ්වවිද්‍යාලීය උපාධි ප්‍රදානෝත්සවයේ දී කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වෙතින් උපාධි මංජුසාව නොගෙන විරෝධය පෑ තරුණිය පිළිබඳ සමාජ මාධ්‍යවල මිශ්‍ර ප්‍රතිචාර පළවෙයි.

මෙලෙස විරෝධය පෑ උපාධි අපේක්ෂිකාව උප කුලපතිතුමිය විසින් වැළඳ ගෙන පිළිගැනීම ද විශේෂත්වයකි.

කෙසේ වුව ද කුලපති හිමිට විරෝධය පෑ තරුණිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු මහීල් බණ්ඩාරගේ පෙම්වතිය බව පැවසෙයි.

මහීල් බණ්ඩාර 2015 එජාප සාමාජිකත්වය ලබා ගෙන ඇති අතර 2018 නොවැම්බර් 12 වෙනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු ධූරයට පත්විය. දීර්ඝ කාලයක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල බලය ජනතා විමුක්ති පෙරමුණ සතුව පැවැති අතර දැන් ජවිපෙන් බිඳී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට බලය හිමිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *