කොළඹ ආරක්ෂාව තරකරයි…! කුමන්ත්‍රණය පරාදයි…! මහා විනාශයක් වළක්වයි…!

May 13, 2023 at 4:15 pm | by emanisa.lk

ඊයේ (12) රාත්‍රියේ සිට කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලය තුළ සිට 750 දෙනෙකුගෙන් පමණ පිරිසක් රජයට විරුද්ධව කැරලිකාරී ලෙස හැසිරෙන බවට ලද බුද්ධි තොරතුරකට අනුව කොළඹ නගරයේ ආරක්ෂව තර කිරීමට ආරක්ෂක අංශ එලෙස පියවර ගෙන ඇත.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශයට පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය, පෙලිස් කැරළි මර්දන ඒකකය සහ ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ. පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවන්ට අමතරව ගිනි නිවන රථද කැඳවීමට පියවර ගෙන තිබුණි. නිදහස් චතුරාස්‍රය, කොල්ලුපිටිය මංසන්ධිය සහ අරලියගහ මන්දිරය අවට ආරක්ෂාව ද තරකර තිබුණි.

මෙලෙස ආරක්ෂාව තර කිරීමත් සමග කැරලිකාරී ලෙස හැසීරීමට සංවිධානයවී සිටි පිරිසේ එම උත්සාහය මේ වන විට ආසාර්ථක වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස