දඹාන ආදිවාසී ගම්මානයේ පෙරේදා (28) සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂා 115කින් 44 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගත් බව මහිංයගන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
ආදිවාසී ගම්මානයේ සාමාන්‍ය ජනයා හා ආදිවාසී පවුල්වල සාමාජිකයන් සඳහා මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කර ඇත. එහි දී ආදිවාසී පවුල් සාමාජිකයන් ඇතුළු ගම්මානයේ සාමාන්‍ය ජනතාව ඇතුළත්ව 44 දෙනකු ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.
මෙලෙස කොවිඩ් රෝගීන් ලෙස හඳුනාගත් අය අතර ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ බිරිඳ හා සහෝදරයෙක්ද වෙති. එසේම ආදිවාසී නායකයාගේ පවුලේ සාමාජික පවුල් කිහිපයක සාමාජිකයන්ට ද කොවිඩ් වැළඳී ඇති බවට තහවුරු වී ඇත.
ඔවුන් නිවෙස්වල නිරෝධායනයට යොමු කර තිබේ. ආදිවාසී නායකයාගේ බිරිඳ මහියංගන මූලික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට පෙරේදා (28) යොමු කර ඇත.