කොවිඩ් මැද ජාතික ආර්ථික මෙහෙයුම ඉදිරියට ම….! තවත් ඖෂධ දෙකක් ලංකාවේ නිපදවයි….!

August 6, 2021 at 9:47 pm | by emanisa.lk

සුලභව භාවිත කරන ඖෂධ වර්ග දෙකක් වන තයිරොක්සින් සහ ට්‍රැමඩොල් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ නිපදවා තිබේ.

ඒවා එළිදැක්වීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද(06) දින රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේදී සිදු විය.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එකවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *