කොවිඩ් මඩින්න සමගි ජන බලවේගය එක්වෙයි…! රෝහල්වලට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ…!

May 11, 2021 at 8:27 pm | by emanisa.lk

කොවිඩ් ව්‍යසනයට එරෙහිව “විපක්ෂයෙන් හුස්මක්” සමගි ජන බලවේගයේ සමාජ මෙහෙවර පිළිබඳව විශේෂ වැඩසටහනක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (11) විපක්ෂ නායක කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.

කොවිඩ් ව්‍යසනයෙන් අසරණව සිටින ජනතාව සුවපත් කිරීම උදෙසා මෙරට සෞඛ්‍ය සේවයට අත්‍යාවශ්‍ය වන සෞඛ්‍ය උපකරණ හැකි පමණින් අදාළ රෝහල් වෙත පරිත්‍යාග කිරීම සඳහා විපක්ෂ නායකවරයාගේ සංකල්පයක් මත ආරම්භ කළ “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනේ අරමුණ වේ.

කොවිඩ් ව්‍යසනය හමුවේ මීට පෙර ද අවස්ථා කිහිපයක දී ම මෙලෙස රෝහල් සඳහා උපකරණ පරිත්‍යාග කිරීමට තමන් ඇතුළු සමගි ජන බලවේගය කටයුතු කළ අතර එහි නව අදියර විපක්ෂයෙන් හුස්මක් වැඩපිළිවෙළ යටතේ ආරම්භ කෙරෙන බවත් එම අවස්ථාවේ දී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.

පක්ෂ පාට භේද පසෙක ලා කොවිඩ් වසංගතයෙන් ජන ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා තමන් ප්‍රමුඛ සමගි ජනබලවේගය කොන්දේසි විරහිතව පෙනී සිටින බවද විපක්ෂ නායකවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස