කොවිඩ් එන්නත් ලබා ගත් අයට බෝනස්…! හෘදයාබාධ ඇති වීම 50%කින් අඩු කරයි…!

December 26, 2021 at 9:07 am | by emanisa.lk

කොවිඩ් 19 සඳහා ලබාදෙන mRNA එන්නත් එන්නත් ලබා ගැනීමෙන් පසු හදවතේ ප්‍රදාහ ඇති වීමේ අවධානම ඉතා අඩුවන බව, විශාල පිරිසක් සහභාගි කරගෙන සිදු කළ දීර්ඝකාලීන අධ්‍යයනයකට අනුව තහවුරු කර ඇත.

ඩෙන්මාර්කයේ Pfizer හෝ Moderna එන්නත ලබාගත්, වයස අවුරුදු 12 සහ ඊට වැඩි, මිලියන 5 කට ආසන්න පිරිසක් යොදා ගනිමින් 2020 ඔක්තෝබර් 1 සිට 2021 ඔක්තෝබර් 5 දක්වා වසරකට ආසන්න කාලයක් මේ පුළුල් දත්ත පරීක්ෂාව සිදුකර ඇත.

මයෝකාඩයිටිස් (හෘද පේශිවල ප්‍රදාහය) සහ myopericarditis (හෘදයේ පිටත ශ්ලේෂ්මල ප්‍රදාහය) නමැති රෝගී තත්ත්වයන් ඉහළ දැමීම මගින් හාදයාබාධ ඇති වීමේ ඉහළ ප්‍රවණතාවක් සමග mRNA එන්නත් සම්බන්ධ බවට මීට පෙර සිදුකළ සමහර අධ්‍යයන මගින් සැක මතුකර තිබුණි.

එන්නත් නොකළ පුද්ගලයින් හා සසඳන විට, එන්නත ලබාගත් අයට හෘදයාබාධ ඇති වීමේ හෝ ඒ මගින් මරණය සිදුවිමේ අවදානම 50%කින් අඩු බව ඩෙන්මාර්කයේ කෝපන්හේගන්හි ස්ටැටන්ස් සෙරම් ආයතනයේ ජ්‍යෙෂ්ඨ
පර්යේෂකයෙකු වන එම අධ්‍යයන කතුවරයා ඇතුළු පිරිස පෙන්වාදී ඇත.

කෙසේ වෙතත්, ධනාත්මක COVID-19 පරීක්ෂණයකින් දින 28ක් ඇතුළත හෘදයාබාධ ඇති වීමේ අවධානම හෝ මරණයට පත්වීමේ අවදානම ආසාදනය නොවූ පුද්ගලයින්ට සාපේක්ෂව 14 ගුණයකින් ඉහළ ගොස් ඇති බව පර්යේෂකයන් ප්‍රකාශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස