කොරෝනාවට පැණි හැදූ ධම්මිකගේ මල්ලි කොරෝනාවට ම බිලි….!

February 15, 2022 at 4:13 pm | by emanisa.lk

කොරෝනා රෝගයට දේශීය ඖෂධීය පානයක් නිෂ්පාදනයක් කරමින් රට පුරා ජනප්‍රියත්වයට පත්වූ කෑගල්ලේ උඩුමාගම ධම්මික බංඩාරගේ බාල සහොදරයා කෝවිඩ් උත්සන්න වීමෙන් මිය ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල මාකූර ගනේගොඩතැන්නේ පදිංචිව සිටි අප්පුකුට්ටි කංකානමලාගේ හීන් බංඩා නැමැති 58 හැවිරිදි තිදරු පියෙකි.

ඔහු පිළිකාවකට රෝගයට ප්‍රතිකාර ලබමින් සිටිය දී ඉකුත් 12 වැනිදා රාත්‍රි නිවසේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුව කෑගල්ල මහ රෝහලේ දී දේහය සම්බන්ධයෙන් කරන ලද රැපිට් ඇන්ටිජන් පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවෙ තහවුරු වී ඇත.

ඔහුගේ අවසන් කටයුතු කොරෝනා සෞඛ්‍ය නීතිරීති අනුව කෑගල්ල ආදානාගාරයේ දී සිදු කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *