කොරේ පිටට මරේ…! විදුලි බිල යළි 30%කින් නඟී…! – IMF කොන්දේසි…

October 23, 2022 at 11:32 am | by emanisa.lk

විදුලි ගාස්තු 30% කින් නැවතත් ඉහළ නැංවිය යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රජයට නිර්දේශ කර ඇතැයි ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා අනුමත කර ඇති ඩොලර් බිලියන 2.9 ණය මුදල සම්බන්ධයෙන් දෙසැම්බර් මාසයේ අවසන් තීරණය ගැනීමට පෙර විදුලිය ගාස්තු නැංවීම කළ යුතු බව එම නිර්දේශයේ සඳහන් බව වාර්තා වෙයි.

එහෙත් රජය මේ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති අතර මුල්‍ය අරමුදල සිය ස්ථාවරය මහ බැංකු බලධරයන්ට ලිඛිතවම දන්වා තිබේ.

පසුගිය අගෝස්තු මාසයේ ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය ගාස්තු විශාල ලෙස ඉහළ දැමීය. එමගින් වාර්ෂිකව විදුලිබල මණ්ඩලයට ලැබෙන අතිරේක ආදායම රුපියල් බිලියන 15 කි.

එම මුදල ලැබුණත් තව දුරටත් විදුලිබල මණ්ඩලය වසරකට රුපියල් රුපියල් බිලියන 152ක අලාභයක් ලබමින් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *