දූෂණ විරෝධී අරගලයේ ප්රධාන නායිකාවක් වූ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා කොරියානු රැකියා ලබා දෙන බව රුපියල් ලක්ෂ 30ක් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ විමර්ශන සිදුකරන බව කොටුව අධිකරණයට දැනුම් දුන්නේය.
බොරලැස්ගමුව පොලිසියට පැමිණ කට උත්තරයක් ලබා දෙන ලෙස දැනුම් දුන්න ද ඔවුන් දෙදෙනා ඒ සඳහා පැමිණ නැත. එම කරුණු පදනම් කරගෙන නොතීසි නිකුත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිය ද විනිසුරු තිලිණ ගමගේ එය ප්රතික්ෂේප කළේය.