කොමිස් ඉල්ලීම නිසා මෙරට අතහැර ගිය විදේශ ව්‍යාපෘති ගණනාවක් දැන් ලැබෙමින් ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
ඇමැතිවරයා පෙන්වා දෙන්නේ චීනය මෙන්ම චීනය පාලනය කරන කොමියුනිස්ට් පක්ෂය තමන්ගේ දිගුකාලීන මිතුරෙකු බවයි.
ඉන්දියාව තමන්ට බලයට පත්වීමට විශාල සහයෝගයක් ලබා දුන් බවත් ඇතැමුන් තමන්ට විදෙස් සබඳතා නැතැයි කී යුගයක අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමටත් පෙර ඉන්දියාවට ආරාධනා කොට රාජතාන්ත්‍රික පිළිගැනීමක් ලබා දුන් බව ද ඔහු සඳහන් කරයි.
කලාපයේ ප්‍රබල රටවල සංචාරය කළ ජනාධිපති අනුර දිසානායක අනතුරුව ඇමරිකාව ගොස් ලෝක බලවතා හමු වන බවත් රට සංවර්ධනය සඳහා සියලු බලවතුන්ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන බවත් ලාල්කාන්ත ප්‍රකාශ කරයි.