විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබා දීමට සමඟි ජන බලවේගය සහ සමඟි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
පාර්ලිමේන්තුවේදී ඊයේ (20) විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ සාමාජිකයින් පත්කිරීමේ දී අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා එකඟතාවයෙන් තෝරා ගැනීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමේ තහංචිය එලෙසම පැවතීම සහ පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසිර වීමට ජනාධිපතිවරයා සතු බලය එලෙසම තබා ගැනීම යන කරුණු තුන එම කොන්දේසිය.