කොතලාවල වෛද්‍ය පීඨය රටේ දරුවන්ට වැහුවොත් නඩු දානවා…! – වෛද්‍ය චමල් සංජීව…

May 26, 2025 at 5:36 pm | by emanisa.lk

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය දේශීය සිසුන්ට අහිමි කිරීමේ තීන්දුව ආපසු හැරවීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් ඊට එරෙහිව නඩු පවරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තික සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වාර්ෂිකව සිසුන් පනස්දහසක් පමණ විදෙස් අධ්‍යාපනය සඳහා යොමු වන බවත් ඒ නිසා රටට වසරකට ඩොලර් බිලිනයක් පමණ අහිමි වන බවයි. ඒ අතරින් 800ක් පමණ වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන බවත් ඒ එක් සිසුවෙකුට වර්ෂයකට අවම වශයෙන් මිලියන 10 බැගින් මිලියන 8000ක මුදල් යොමු කරන බවත් වෛද්‍ය චමල් සංජීව අවධාරණය කරයි.

එසේම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන්ට මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය හැකි පාඨමාලා ගණනාවක් පවතින පසුබිමක වෛද්‍ය අධ්‍යාපනය සඳහා පමණක් දොර වැසීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ද හෙතෙම සඳහන් කරයි.

මෙරට ප්‍රමිතිගත වෛද්‍ය අධ්‍යාපනයට එරෙහි වන බලධාරීන් උසස් පෙළ අසමත්ව විදෙස් රටවලට ගොස් වෛද්‍ය උපාධිය ලබා ගෙන පැමිණෙන අය පිළිගැනීම හාස්‍යයට කරුණක් බව ද වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කරයි.

ඊයේ (25) කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *