විරෝධතා ඉදිරියේ ආණ්ඩුව පසුබසී…! කොතලාවල පනත හකුළා ගනී…!

August 4, 2021 at 12:40 pm | by emanisa.lk

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ පවසයි.

පනත් කෙටුම්පත තව දුරටත් මහජන නියෝජිතයින්ගේ සහ ජනතාවගේ අදහස් උදහස් ලබා ගෙන ඉදිරිපත් කිරීමට තීරණය කළ බව ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *