කොටි පැරදූ ගෝඨා යුද අපරාධකරුවෙක්…! වහා ම අත්අඩංගුවට ගන්න…! – සිංගප්පූරු නීතිපතිට පැමිණිල්ලක්…

July 25, 2022 at 9:52 am | by emanisa.lk

යුධ අපරාධ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කොටගත් ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය නම් සංවිධානයක් (ITJP) සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර ඇත.

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා 2009 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී රටේ ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටියදී ජිනීවා සම්මුතීන් උල්ලංඝණය කළ බව පෙන්වා දෙමින් මෙම සංවිධානය එරට නීතිපතිවරයා වෙත මේ සම්බන්ධයෙන් දක්වමින් පිටු 63 කින් සමන්විත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම වරද විශ්ව අධිකරණ බලය යටතේ සිංගප්පුරුවේ දී නඩු පැවරීමට යටත්වන අපරාධයක් බව ද එම සංවිධානය පෙන්වා දි තිබේ. ඔහුට එරෙහිව සිංගප්පූරුවේදී නඩු පැවරීමට කටයුතු කරන ලෙසත් ගෝඨාභය රාජපක්ෂ යනු තම රටේ ආර්ථික අර්බුදය නොතකා පලා ගිය තැනැත්තෙක් බවත් මෙම සංවිධානය පෙන්වා ඇතැයි රොයිටර් පුවත්පත් සේවයේ වාර්තා කළේය.

ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීම සිංගප්පූරුවේදී භාර දුන්නේ ද ජුලි 13 වැනිදා එනම් රටෙන් පළා ගොස් දිනකට පසුව බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත. මීට පෙරද ශ්‍රීලංකාවට දිගින් දිගට ම යුධ අපරාධ චෝදනා නැගීමට මුල් වූ යස්මින් සුකා ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂ ධුරය හොබවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස